brand logo

කීර්තිමත් ක්‍රීඩකයන්ගෙන් ආණ්ඩුව පළිගන්නවා

03 July 2020

රටට කීර්තියක් ගෙනදෙන ක්‍රීඩකයන්ගෙන් වත්මන් ආණ්ඩුව පළි ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අටවන පාර්ලිමේන්තුව යටතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම වෙනුවෙන් නව වැඩපිළි​වෙළක් සැකසීමේ කාලය එළැඹ ඇති බවයි. එම නිසා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ක්‍රීඩකයන් ආරක්ෂා කර ගත යුතු බවත් ක්‍රීඩාවට නැඹුරුවක් දක්වන නාමල් රාජපක්ෂද මෙරට ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමට අප සමග එකතු විය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩකයන් යොදාගෙන දේශපාලනය නොකරන ලෙස හරීන් ප්‍රනාන්දු රජයෙන් ඉල්ලීමක්ද කළේය. චාමර පල්ලේගෙදර
 

More News..