brand logo

කිලෝ 22ක් බර පළිඟු මැණිකක්

12 January 2021

    කිලෝග්‍රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් හමුවී ඇත. මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බව පරික්ෂා කිරීමෙන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සඳහන් කර තිබේ. එසේම එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් සඳහන් කරනවා. දුර්ලභ පාෂාණයක් වන බැවින් එහි වටිනාකම ඉහළ අගයක් ගන්නා බව පැවසේ. කෙසේ වෙතත් පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කර නැහැ.
 

More News..