brand logo

කිලිනොච්චියේ පැවැත්වුණු මහවිරු සැමරුම් වැඩසටහන

23 November 2018

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රධානත්‍වයෙන් පැවැත්වු මහවිරු සැමරුම් වැඩසටහනක් ඊයේ (22) කිලිනොච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වු බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ යුද්ධයෙන් මියගිය සටන්කාමීන් සමරමු යනුවෙන් සදහන් කරමින් එල් ටි ටි සංවිධානයේ සංකේතයක් වන නියඟලා මලේ රුව යොදා පෝස්ටරයක් සකස් කොට තිබු බවයි. නියඟලා මලින් සකස් කළ ජායරූපයකට මල් පුදා පහන් දල්වා යුද්ධයෙන් මියගිය සටන්කාමීන් සැමරීම සිදුකළ බවද ආරක්ෂක අංශ පැවසූහ. ආරක්ෂක අංශ පැවසූවේ ‍ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද අදාළ ජායාරූපය වෙත මල්පුදා පහන්දැල්වීම සිදුකළ බවයි. යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින්ගේ පවුල් වෙනුවෙන් පොල්පැළ බෙදාදීම හා ගෘහ උපකරණ බෙදාදීමක්ද එහිදි සිදුවු බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූහ. වැඩසටහන වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයින්,යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින්ගේ පවුල්වල පිරිස්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
 

More News..