brand logo

කිලිනොච්චියේ ධර්මපුරම්හිදී නිධන් හැරීමට ගිය යුධ හමුදා නිළධාරීන් ඇතුළු 21ක් අත්අඩංගුවට

09 February 2020

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී නිධන් හැරීමට ගිය යුධ හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ(08) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසුවේ යුධ හමුදා අංක සහිත වාහනයක්ද අදාළ ස්ථානයේ තිබි අත්අඩංගුවට ගෙන ඇති අතර, දැනට සේවයේ නිරත යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු අදාළ පිරිස අතර සිටින බවයි. යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු සිංහල පුද්ගලයින් 15 දෙනෙකු හා දෙමළ පුද්ගලයින් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසීය. යුධ හමුදා අංක සහිත වාහනයක් ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් නිධන් ගැනීම වෙනුවෙන් සුදානමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබිණ. යුධ හමුදා සාමාජිකයින් වවුනියාව ප්‍රදේශයේ කදවුරකට අනුයුක්තව සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වන අතර, අත්අඩංගුවට ගත් සිංහල ජාතිකයින් අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද ආරක්ෂක අංශ පැවසූහ. සැකකරුවන් නිධන් හෝ එල් ටි ටි වළදැමු බවට පවසන රත්රන් ගොඩ ගැනීම වෙනුවෙන් පැමිණ ඇතැයි ආරක්ෂක අංශ පවසති. අත්අඩංගුවට ගත් කණ්ඩායම වයස අවුරුදු 20 ත් 60 ත් අතර පසුවන පිරිසක් වන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පරීක්ෂණ මෙහෙවයි. විමර්ශනයන්ගෙන් අනතුරුව සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..