brand logo

කිලිනොච්චියේ දෙපිරිසක් අතර ගැටුමකින් 09කට තුවාල

30 May 2019

කිලිනොච්චිය,සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නම දෙනෙකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය පොලිසිය පැවසුවේ කිලිනොච්චිය සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර වු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුමින් කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවසක් හා යතුරුපැදියක් ගිනි තබා ඇති අතර, නිවසක දේපළ වෙතද හානි සිදුව ඇති බවද කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසීය. ප්‍රදේශවාසීන් පැවසුවේ ගැටුමින් තුවාල ලැබු පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය  
 

More News..