brand logo

කිලිනොච්චියෙන් කේරළ ගංජා කිලෝ 115ක් සොයාගනී

05 June 2019

කිලිනොච්චිය,චුන්ඩිකුලම ප්‍රදේශයේදී වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්රැම් 115 ක ප්‍රමාණයක් අද(05) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලමකී ටිපර් රථයක සඟවා ප්‍රවාහනය කළ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි. කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට‍ ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය. බෝට්ටු මඟින් ඉන්දියාවේ සිට ගෙනෙන ලද ගංජා තොගයක් එලෙස බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය හා ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..