brand logo

කිරි පිටි මිල සූත්‍රය අනුව සඳුදා සිට කිලෝවක් රුපියල් 40 පහළට

07 December 2019

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල සඳුදා (09) සිට අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කිලෝ ග්‍රෑම් එකක බරින් යුතු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින්ද ග්‍රෑම් 400 බරින් යුත් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15කින්ද අඩු කිරීමට තීරණය වී තිබේ. රජය විසින් වැඩ් බද්ද සියයට 8 දක්වා පහත දැමීම හේතුවෙන් මෙලෙස මිල අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. හෙට 09 සිට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන කිරිපිටි සඳහා මෙම මිල ක්‍රියාත්මක බව අධිකාරිය කියා සිටියි. දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි පැකට්ටුවේ ඇති මිලටම අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..