brand logo

කිරිසප්පයින් සමග කතක් හිටිය ගෙයි බිමට සමතලා කරයි

10 June 2021

බීලා ගෙට පැනලා මැර  කල්ලියක් කරපු අශික්කිත වැඩේ

හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ කුඩා දරු දෙදෙනෙකු සමඟ නිවසක ජීවත්වූ මවක් එම නිවසින් එලියට ඇද දමා එම නිවස සම්පුර්ණයෙන්ම කඩා දමා ඇති බවට හම්බන්තොට වරාය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඉකුත් 07 වනදා රාත්‍රී බීමත්ව පැමිණි මැර පිරිසක් විසින් මෙම නිවස මේ ආකාරයෙන් කඩා දමා ගොස් ඇති බවට අදාළ කාන්තාව විසින් පොලිසියට පවසා ඇත.

කාන්තාව හට තම ඥාතියෙකු විසින් ලබාදුන් ඉඩම් කැබැල්ලක මේ ආකාරයෙන් නිවසක් තනාගෙන ජීවත්ව ඇත. එම ඉඩමෙහි මුල් අයිතිකරු ඊට විරෝධය පළකර ඇත.

විටින් විට එම ඉඩමට ආරවුල් ඇති වූ අතර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමෙන් පසු මහවැලි අධිකාරියට පැමිණිල්ල බාරදීමට කටයුතු කර තිබිණි. ඉදිරියේදී මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් කරන බවට මහවැලි නිලධාරීන් පැවසු බව ත් සංචරණ සීමා ඉවත් වූ පසු විසදුමක් ලබාදීමට තිබු බවත් නිවස හිමි කත පවසයි.

ඇයගේ සැමියාද වඩු වැඩ සදහා පිට ප්‍රදේශයකට පිටත්ව ගොස් ඇති අතර පවතින සංචරණ සීමා හේතුවෙන් මෙතෙක් කලක් ඔහුට නිවසට පැමිණීමට නොහැකිවීම නිසා අවුරුදු 04ක් හා 02ක් පමණ වන කුඩා දරුවන් දෙදෙනා සමග නිවසේ තනිව සිට ඇත.

එවන් අවස්තාවකදී මෙම ඉඩමෙහි මුල් අයිතිකරුබවට කියා ගන්නා පද්ගලයා විසින් පසුගිය 07 වනදා රාත්‍රී තවත් මැර පිරිසක් සමඟ පැමිණ නිවෙසේ සිටි කාන්තාවට තර්ජනය කර ඇය හා දරුවන් දෙදෙනාද එලියට ඇද දමා නිවසේ තිබු බඩු මුට්ටුද කුඩුකර එම නිවස සම්පුර්ණයෙන්ම විනාශකර දමා ගොස් ඇත.     අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට
 

More News..