brand logo

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නක්

28 February 2021

    වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න ප්‍රදේශයේ කිරිබත්වැල්ල කඳුයායේ ඊයේ (27) හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශනය පත්ව ඇති බව ඇටම්පිටිය පොලිසිය සඳහන් කර තිබේ. පවතින වියලි කාලගුණය සහ සුළං තත්වය මත ගින්න වේගවත් බව වාර්තා වන අතර ඖෂධ ශාකයන් විශාල ප්‍රමාණයක් සහ තේ වගාවන් ගින්න නිසා හානියට පත්ව ඇත. එම වනගත ප්‍රදේශයේ ජිවිත් වූ වන සතුන්ද ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසේ. ගින්න උමා ඔය රක්ෂිතයට අයත් මාපාගල ප්‍රදේශයට පැතිර යෑමේ අවදානමක්ද නිර්මාණය වී ඇතැයි ගින්න මැඩලීමට කටයුතු කරන ගම්වාසීන් සඳහන් කරනවා.
 

More News..