brand logo

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියා සහ දියණියන් දෙදෙනෙකු මරුට

23 June 2019

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි. යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කිරින්ද පොලිසිය සඳහන් කරයි. අතුරුදන්ව සිටි තිදෙනාගෙන් පියා සහ දියණියන්ව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..