brand logo

කිරිඇල්ල බේරන්න ගිය මාර්ග සංවර්ධනයේ නීති අධ්යක්ෂට ජනාධිපති කොමිසමෙන් අවවාද

16 August 2019

සාක්ෂිකරුවෙක් කොමිෂන් සභාව ඉදිරියේ බොරු සාක්ෂි දීම අභියාචනාධිකරණය දක්වා යා හැකි වරදක් බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න ඊයේ (15 වැනිදා) පැවැසීය. සභාපතිවරයා එලෙස ප්රකාශ කළේ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂ ජීවානන්ද වෛද්යදාසට අවවාද කරමිනි. හිටපු උසස් අධ්යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ නියෝග මත මහජන සම්බන්ධීකරණ නිලධාරීහු හතළිස් පස්දෙනෙක්ද ව්යාපෘති සඳහා මහජන සම්බන්ධතා නිලධාරීහු සහ උපදේශකවරු එකසිය දෙදෙනෙක්ද බඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දුන් නීති අධ්යක්ෂවරයා ප්රකාශ කළේ එම පත්වීම් සඳහා කැබිනට් අනුමැතියක් අවශ්ය නැති බවය. එහෙත් රජයේ නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේ අධ්යක්ෂ මණ්ඩල පත්රිකාවලින් සහ පාර්ලිමේන්තු පොදු ව්යාපාර කමිටු තීරණ අනුව එම පත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්ය යැයි සනාථ, වන බවයි. අධිකාරියට සේවකයන් බඳවා ගැනීමට ඇමැතිවරයාට බලය ලැබී ඇත්තේ කුමන නීිතියක් යටතේ දැයි සභාපතිවරයා කළ ප්රශ්න කිරීමේදී නීති අධ්යක්ෂවරයා කියා සිටියේ ඒ බව තමන් නොදන්නා බවත් ඇමැතිවරයාගේ නිරීක්ෂණය මත අධ්යක්ෂ ජනරාල්වරයා මගින් පත්වීම් දුන් බවය. පැමිණිල්ලේ වැඩිදුර විභාගය මෙම මස 20 වැනිදා පැවැත්වේ. නිලන්ත මදුරාවල
 

More News..