brand logo

ලංකා ඉතිහාසයේ විස්මිත ටෙන්ඩර් ගනුදෙනුව ගැන බන්දුල කියයි

19 February 2019

කෙරවලපිටිය ඉදිකිරීමට ‌‌‌යෝජිත එල්.එන්.ජී. බලාගාරය චීන සමාගමට පැවැරීමේ ටෙන්ඩරය ශ්‍රී ලංකා ඉතිහාසයේ විස්මිත ටෙන්ඩර් ගනුදෙනුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටි අතර විදුලිබල පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරමින් ටෙන්ඩර් කැදවීමකින් තොරව මෙම බලාගාරය ඉදිකරන බවය මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. ඒ අනුව මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිතව ටෙන්ඩර් ගනුදෙනුව බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
 

More News..