brand logo

කිඹුල් කටට පැන්න චමීර නූලෙන් බේරෙයි

28 September 2022

චමීර ලියනගේ මේ දිනවල අපිට හමුවන්නේ ගගන පියවර සහ කෝලම්කුට්ටමේ චරිත වලින් සටන්කාමී චරිත වලට වැඩි බරක් පෙන්වන මේ තරණයා පහුගිය දවසක ඇඟ කිළිපොලා යන මාරක පිම්මක් පැන්නා. තිරයෙ දකිත්දි ඒ දර්ශනය සාමාන්‍ය විදිහට ප්‍රේක්ෂකයා රස වින්දත් ඒ පිම්ම ජීවිතයත් මරණයත් අතර පිම්මක් කියල දැනගෙන උන්නෙ පිම්ම පැනපු චමීර සහ ඔහුගේ සහය චරිතයට පණදුන් ශිල්පියෙක් පමණයි. අඩි 25 කට වඩා උසකින් ගගට පැන්නට පස්සෙ තමයි ඊට නොදෙවෙනි ගැඹුරක් දියපතුලෙත් තියෙන බව මේ දෙන්න දැනගෙන තියෙන්නෙ ඒ විතරක් නම් මදැයි අනිත් පැත්තෙන් මිනිකන කිඹුලෙකුත් එතන ඉඳලා. වැඩේ ලේසි නොවුනත් චමීර සිය සගයා සමග ඒ අවස්ථාවට මුහුණ දීලා තිබුණේ නම් බොහොම කැමැත්තෙන්. කෝලම් කුට්ටම ආරම්භයේ සෙනාල් තමන්ගෙ මිතුරා සමග පාලමකින් දියට පැනල පීනා යන දර්ශනය පිටුපස ලොකු ජරමරයක් තිබ්බලු නේද... මේ දර්ශනය රූගත කරන්න පෙර සද්ධා අයියා ඇහුවා ඔයාට පාලමෙන් පහළට පනින්න බැරිනම් අපි ඩමියක් දාමුද කියලා. නමුත් එහෙම අවශ්‍යතාවක් මට දැනුණෙ නැහැ. චරිතයක් කරත්දි ලැබෙන අභියෝගවලටත් මුහුණ දෙන්න මම කැමතියි. අනික මට සටන් පුහුණුවකුත් තියෙන නිසා හොඳට පීනන්නත් පුළුවන් නිසා මේ අවස්ථාවට මා වෙනුවට වෙන කෙනෙක් යොදන්න මගේ අදහසක් තිබ්බෙ නැහැ. මගේ මිතුරා ලෙස රඟපාපු ශිල්පියාත් මම වගේම වැඩේට කැමති වුණා. අපි මුලින්ම මේ දර්ශනය රූගත කරන්න ගියේ ඉරණ කිදෙල්පිටියට. එතැන අඩි 17ක කිඹුලෙක් ඉන්නවා කියල දැනගන්න ලැබුණා. සද්ධා අයියමයි කිඹුලව දැකල තිබ්බෙ පස්සෙ. අපි තුන්බෝධිය කියන තැනට ගියා. අඩි විසිපහක් විතර පහළ ජලාශයකට පනින්න තිබුණෙ. එතැන ගැඹුර කොච්චරද කියල අපි දැන ගත්තෙ පැන්නට පස්සෙයි. ඒ මදිවට එතැනත් කිඹුලෙක් ඉඳල. ගැඹුර කෙසේ වෙතත් එතැන කිඹුලෙක් ඉන්නව කියල දැනන් උන්න නම් මම කීයටවත් පනින්නෙ නැහැ. No photo description available. තවමත් වැඩි ප්‍රතිචාර දාසගේ චරිතයට කියන්නෙ හැබෑවක්ද.. දාසගෙ චරිතය ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. අදටත් ගොඩක් අය අහනව ඔයා රන්තිලිවැවේ දාසගෙ චරිතය හොඳට කළා ඒකට සම්මානත් හම්බ වුණාද කියල. චමීරට තිරයේ වැඩිපුරම පෙම් කරන්න ලැබිලා තියෙන නිළිය කවුද.. ශලනි, රිතු, චතු, නයෝමි, තරින්දි, දිනක්ෂි, කාවින්ද්‍යා නංගි වගේ නව පරපුරේ බොහෝ නිළියන් සමග පෙම් චරිත රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔය අතරින් චමීර වඩාත් පහසුවෙන් රඟපාන නිළිය නම් කරන්න කිව්වොත්.. ඒ හැම අවස්ථාවකම එය හැම කෙනෙක්ගෙන්ම හොඳ සහයෝගයක් ලැබිලත් තියෙනවා. එය නිළියන් අතරින් ශලා (ශලනි තාරකා) එක්ක වැඩ කරන්න මම ආසයි. May be an image of 1 person and pool දැන් විවාහයක් කරගන්න වයසත් හොඳයි නේද? වයස නම් කියන්න බැහැ. ඒත් දැන් මගේ වයස ගොඩක් ගෙවිලා. හැබැයි ස්ථාවරයක් හදාගෙන තමයි මම විවාහයක් ගැන හිතන්නෙ. ක්ෂේත්‍රයේ මට යන්න ඕන ඉලක්කයක් තියෙනවා, මම මගේ පාඩුවේ ඒ ගමන යනව. චමීරගේ ආදරයේ හිමිකාරිය එහෙම නැතිනම් පෙම්වතිය කවුද.. මට පෙම්වතියක් නැහැ. මට මගේ දෙම්පියන්ගෙන් සහෝදර සහෝදරින්ගෙන් ආදරය ලැබෙනවා. මම ඒ ආදරය සමග ජීවත් වෙනවා. පුංචි කාලෙවත් මගේ හීනවල තිබුණ දෙයක් නෙවෙයි විවාහ වෙනවා පවුලක් හදාගෙන ජීවත් වෙනවා කියන එක. ඒකෙන් මම අදහස් කරන්නෙ මම කවදාවත් විවාහ වෙන්නෙ නෑ කියන එක නෙවෙයි. නමුත් මේ අවස්ථාවේ මගේ හිතේ ඒ ගැන කිසිම අදහසක් නැහැ. චමීරගේ ජීවිතයෙන් පෙම්වතියගේ ආදරය ගිලිහෙන්නෙ කොයි කාලෙද... 2022 ජනවාරි මාසයෙන් පසුව අපි දුරස් වෙනවා. ඒක වසර හයක් හතක තිස්සෙ තිබුණ ආදරයක්. අපි දෙන්නගෙම නොගැළපීම් අපි තේරුම් අරන් තිබුණෙ. තවදුරටත් අපිට එකට ගමනක් යන්න බැහැ කියලා තේරුණ තැන අපි සමුගත්තා. ඒක අපි දෙදෙනාම අවබෝධයෙන් යුතුව ගත්ත තීරණයක්. හිත්වල කිසි තරහක් නැහැ. අදටත් මම ආදරය කළ කෙනා මට කතා කරනවා. ධම්මිකා සුරංජි May be an image of 1 person, beard and dogNo photo description available.May be an image of 1 person and beardMay be an image of 1 person, beard, dog and text that says 'NALEEM KAMALDEEN 0773416516'
 

More News..