brand logo

කින්නියා සන්සුන් - නාවික සෙබළුන් 12ක් රෝහලේ

30 January 2019

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බව වාර්තා වෙයි. මහවැලි ගඟේ අනවසරයෙන් වැලි කැනිම් සිදුකරන වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) නාවික හමුදාව කටයුතු කළ අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් නාවික හමුදාව විසින් අහසට වෙඩි තබා ඇත. කින්නියා, කන්දකාඩු පාලම අසළදී එම වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පසු පිරිසක් ඊයේ (29) පස්වරුවේ නාවික හමුදාවට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත. එම පහරදීමෙන් තුවාල ලැබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කල බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි. නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වැලි ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ දියට පැන අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකුගේ මල සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති නමුත් අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
 

More News..