කෑගල්ල බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්
05 February 2021
කෑගල්ල බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්
05 February 2021
කෑගල්ල බන්ධනාගාරයේ විශේෂ අංශය හා A-4 අංශය හදිසි සෝදිසියකට ලක් කර තිබේ.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඊයේ (04) පෙරවරු 10.00ට බන්ධනාගාර බුද්ධි ඒකකයේ ජේලර්වරුන් දෙදෙනෙකුගේ අධීක්ෂනයෙන් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවයි.
එම සෝදිසියේදී මාවනැල්ල බුදුපිළිම වලට පහරදීමේ සිද්ධිය සම්බන්ධව හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර විශේෂ අංශයේ හා A-4 අංශයේ රදවා සිටි සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 05ක්, සිම්පත් 10ක්, බැටරි 11ක් හා පෙන්ඩ්‍රයිව් 1ක් අත්අඩංගුවට ගෙන ඇත.
එම ජංගම දුරකථන, සිම්පත් හා උපාංග වැඩිදුර පරීක්ෂන සදහා බන්ධනාගාර බුද්ධි ඒකකයට භාරගෙන ඇත.