brand logo

කෑගල්ලේ ගම්මානයක් හුදකලා කරයි

19 May 2021

කෑගල්ල සියඹලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසය හුදෙකලා කිරීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ල පොදු වෙළද සංකීර්ණයේ වෙළදසැලක් පවත්වාගෙන ගිය සියඹලාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා වයිරසය ආසාදනය වී ඉකුත් 16 දා කෑගල්ල මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් විය. එම ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ පවුල් සාමාජිකයන් ඇතුළු පවුල් 18 ක් ස්වං නිරෝධායනයකට ලක් කර තිබේ. එම පිරිසගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු ඇතුළු පිරිසක් එම ගම්මානයට ගිය අවස්ථාවේ කොටසක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණත් තවත් පිරිසක් ඊට දැඩි විරුද්ධතාවය ප්‍රකාශ කර ඇත. ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂණය කිරීමට නොහැකි වන අයුරින් දෙපාරිස ගැටුමක් ඇති කිරීම හේතුවෙන්පසුව වෛද්‍ය කණ්ඩායම ආපසු කාර්යාලය වෙත පැමිණ ඇති අතර ගම්මානය සම්පූර්ණයෙන්ම දින 14 ට හුදෙකලා කල බව විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
 

More News..