brand logo

කෑගල්ලේ කොවිඩ් රෝගීන්ට අධික ලෙස උණ

08 January 2021

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මතුව ඇති කොරෝනා අවදානම සම්බන්ධයෙන් රජය වැඩි අවදානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයන් බහුතයකට අධික උණ තත්ත්වයක් පවතින බවත් මෙම තත්ත්වය දිවයිනේ අනෙක් ප්‍රදේශ තුළින් වාර්තා නොවූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. රට තුළ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයක් නිර්මාණය වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට කෑගල්ල ප්‍රදේශයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගේ වෛරස් සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. නිරෝධායන නීති කඩකරමින් හෙළ ඔසුවක් ලබා ගැනීමට කෑගල්ල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින්ගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වූයේ ද? යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
 

More News..