brand logo

කැෆේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක්

28 May 2019

කැෆේ සංවිධානය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන හමුවීම් මාලාවේ තවත් හමුවක් අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්විණ. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර කැෆේ සංවිධානය වෙනුවෙන් එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්, අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ, සහ අධ්‍යක්ෂ වරුන් වන අරවින්ද ඉන්ද්‍රජිත්, නිරෝෂණ පීරිස් හා ශෂික මාදිවෙල යන මහත්වරු එක්ව සිටියහ. රටේ පවතින වාතාවරණය සහ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ. කැෆේ සංවිධානය මේ ආකාරයට ඉදිරි දින කිහිපය තුළ අනිකුත් දේශපාලන පක්ෂ වල නායකයින් හමුවීමට සැලසුම් කර තිබේ.
 

More News..