brand logo

කැළෑවෙන් හමු වූ මිනිස් ඇටසැකිල්ල

25 November 2021

කැළෑවෙන් එළියට ආපු කාන්තා අභිරහස

කරුවලගස්වැව පොලිස් වසමේ එගොඩපිටිය, පහළවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ මිනිස් ඇටසැකිල්ලක් හමුවී තිබේ. පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, මියගිය අයගේ ඇටසැකිල්ලක්, පාවහන් යුගලක් හා පිහියක් සොයාගෙන ඇත. එම පාවහන් යුගල සහ පිහිය 2021.10.23 වන දින අතුරුදන්ව සිටි කාන්තාවක් දර කැඩීම සඳහා රැගෙන ගිය පිහිය බවත් ඇය අතුරුදන් වන අවස්ථාවේ පැලඳ සිටි පාවහන් යුගල බවටත් ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මිනිස් ඇටසැකිල්ල පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කරුවලගස්වැව පොලීසිය සිදුකරයි.
 

More News..