brand logo

කැළණි සරසවියේ CCTV සිද්ධියේ සිසුන් 25දෙනාට වසර 2ක පන්ති තහනමක්

28 February 2020

කැළණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීමට සම්බන්ද බවට හදුනාගත් ශිෂ්‍යයන් 25දෙනා සඳහා වසර 2ක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ බව කැළණි විශ්වවිද්‍යාලීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. මෙයට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක අතර CCTV කැමරා නැවත කඩිනමින් සවිකිරීමට පියවර ගෙන ඇත. 2017/2018 අධ්‍යන වර්ෂ හෙට(29) දිනයෙන් අවසන් වන බැවින් හෙට පෙ.ව 8.00 සිට කැළණි විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර හෙට(29) දින සියලුම සිසුන් නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම් දෙයි. සති අන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාහ නැවත දැනුම් දෙන තුරු නොපැවෙත්වෙන බවද පාලනාධිකාරිය දැනුම් දෙයි.
 

More News..