brand logo

කැළණිය සරසවියේ විභාග කටයුතු අඛණ්ඩව

10 February 2021

කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂණ මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක කරමින් විභාග කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බව කැළණිය විශ්වවිද්‍යාලය පවසයි. පසුගිය මස 31 වනදා බාහිර ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා විශ්වවිද්‍යාලයට පැමිණි විද්‍යාර්ථයින් පිරිසක් අතුරින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ වනවිටත් විශ්වවිද්‍යාල මට්ටමින් කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරමින් තිබූ බව ද කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.
 

More News..