brand logo

කැළණිතිස්ස බලාගාරයට නව යන්ත්‍ර ගැනීමට සූදානමක්

21 February 2020

කැළණිතිස්ස බලාගාරය සඳහා ගෑස් හා ඩීසල්වලින් ධාවනය කරන විදුලි උත්පාදන යන්ත්‍ර 3ක් මිල දී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වෙයි. මෙයට ඇමරිකානු ඩොලර් මිලියනයක් වැයවන බව සඳහන් කරයි. ඩීසල් මගින් වසර කිහිපයක් මෙරටදී ධාවනය කිරීමට බලාපොරොත්තු වන මෙම යන්ත්‍ර විදේශයකදී පැය 12,000ක් ධාවනය කර ඇති බව වාර්ථා වෙයි. මෙගාවොට් 35 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර 3ක් මිළදී ගැනීම සඳහා මේවන විට ටෙන්ඩෙර් කැදවා ඇති අතර එයට සමාගම 2ක් තෝරාගෙන තිබේ. අදාල සමාගම් දෙකෙන් මිල ගනන් සහ අවසන් වාර්ථා කැදවීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට නියමිත වෙයි.
 

More News..