brand logo

කැස්බෑව ප්‍රදේශයේ ආසාදිතයන් ගණන 700ක් වෙයි

02 May 2021

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 700 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඊයේ (01) දිනයේ නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා 200කින් නව ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර තිබේ. තවද කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 26යෙන්ම මේවන විට ආසාදිතයින් වාර්තා වී ඇත.
 

More News..