brand logo

කැස්බෑව නගර සභාවේ 8ක් කොවිඩ් ආසාදිතයි

05 March 2021

    කැස්බෑව නගර සභාවේ සේවකයන් 08 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව ඇති අතර මේ නිසා එම නගර සභාවේ මහජන සේවාවන් අද (05) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ. නගර සභාවේ මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩලය සහ සේවකයින් 159 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා අද (05) යොමුකර ඇත. කෙසේ වෙතත් කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමුවත් වරිපනම් සහ බදු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි බවය.
 

More News..