brand logo

කැස්බෑවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළට

13 May 2021

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් දැඩි අනතුරුදායක තත්ත්වයක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවතින බවත් ඇය පෙන්වා දුන්නාය. රජය සීමා පනවන තුරු සිටින්නේ නැතුව තමන් ගැන සිතා නිවෙස්වලටම වී සිටීම අවශ්‍ය බව ඇය සඳහන් කරයි. එන්නත ලබාගත්තට එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න සෑහෙන කාලයක් යන බවත්, තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව පැවසීය.
 

More News..