brand logo

කැරොලයින් පුෂ්පිකාගේ කිරුළ ගැලවීම හරි

09 February 2022

Libby Crawford පුෂ්පිකා ගැන ලෝකෙටම කියයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ ඊයේ(08) කටයුතු කලේය. ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනියක වන ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford)ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා අළුත් සටහනක් තබා තිබේ. පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඇය කිසිවිටෙකත් මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොලබන බව ඇය සඳහන් කරයි. එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණක ලෙස කැරොලයින් ජුරි පුෂ්පිකා ගේ කිරුළ ඉවත් කිරීමට පියවර ගැනීම නිවැරදි බවත් මෙම ක්‍රියාකලාපයන් හරහා එය තහවුරු වන බවත් ඇයගේ මෙම සටහනේ ඇතුලත් වේ. පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී අනු ශුරතාවය දිනාගත් ආශ්‍යා බස්නායකට හිමිවිය යුතුව තිබූ ලෝක විවාහකක රූ රැජින තරගාවලියට එක් වීම සඳහා තිබූ අවස්ථාව පුෂ්පිකා ද සිල්වා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් ඇයගේ එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ්ගේ ෆේස්බුක් සටහන පහතින්

 
 

More News..