brand logo

කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා විස්සයි විස්සට ලංකාවෙන් චමරි

18 August 2022

චමරි ගයානා අමේසින් වොරියර්ස් කණ්ඩායමට

ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආරම්භ වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ගයානා අමේසින් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු තෝරාගෙන තිබේ. ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අදාළ තරගාවලිය සඳහා ගයානා කණ්ඩායමට අමතරව ට්‍රින්බාගෝ නයිට්රයිඩර්ස්, බාබඩෝස් රෝයල්ස් යන කණ්ඩායම් ඇතුළත් වේ. මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් හිමිවන අතර තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වෙනු ඇත.
 

More News..