brand logo

කැරම් ලෝක කුසලානට කුරේ සහ පිරිස කොරියාවට

10 August 2018

මෙම මස 24 වැනිදා සිට 29 දා දක්වා දකුණු කොරියාවේ චුන්චොන්හිදී පැවැත්වෙන පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වන අටදෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් මෙරට අංක එකේ කැරම් ක‍්‍රීඩක චමිල් කුරේ නම්කර තිබේ. වසර හතරකට වරක් පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා කැරම් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8 දෙනෙක් යොමු කිරීමට බළධාරීන් කටයුතු යොදා ඇත. ඒ අනුව පිරිමි පිල සඳහා චමිල් කුරේට අමතරව නාවික හමුදාවේ නිශාන්ත ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා සහ කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්මි නම්කර තිබේ. එසේම කාන්තා කණ්ඩායම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජෝසප් රොසිටා, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි ඇතුළත් විය. මීට ඉහතදී 2014 වසරේදී මාලදිවයිනේ පැවැති සිව්වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියේදී කණ්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත්වන අතරවාරයේදී ඊට සමගාමීව පැවැත්වෙන ස්විස් ලීග් කැරම් ශූරතාව දිනා ගැනීමට චමිල් කුරේ සමත් වී තිබිණි.
 

More News..