brand logo

කැමතිම චරිතය තාම ලැබුණෙ නෑ - රිතු ආකර්ෂා 

25 May 2019

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය නිළියක් වූ රිතූ ආකර්ෂා දැන් අපිට දකින්න ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. ඇයි දැන් රිතූ රඟගපාන එක සීමා කරලද එහෙමත් නැතිනම් රංගනයෙන් ඈත් වෙන්නවත් හිතලද? ගොඩක් දෙනා එහෙමත් විමසනවා. මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නත් එකක් අපි රිතූ සමග කතාබහක යෙදුණා. රිතූ මේ දවස්වල මොනවද කරමින් ඉන්නේ? සුසුමක ඉම කියලා අලුත්ම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ටෙලිනාට්‍ය මේ මාසේ 27 වෙනිදා ඉඳන් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන්න නියමිතයි. ඒ හැරුණාම අවසන් ඉනිම කියලා ටෙලි නාට්‍යකත් වැඩ කරමින් යනවා. ඒකත් ළඟදීම ජාතික රූපවාහිනියේ විකාශනය වෙයි. ඇයි දැන් රිතූ ඉස්සර වගේ දකින්න නැත්තෙ? අනිවාර් යයෙන්ම දැන් තෝරගෙනයි රඟපාන්නේ. මොකද දැන් අපි අපේ නම හදාගෙන ඉවරයි. අපි දැන් හොඳ නිර්මාණ කරන්න ඕන කාලේ. ඒ නිසා හොඳ පිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කරන දේකට තමයි සහභාගි වෙන්නේ. රිතූ රංගනයට අමතරව වෙනත් ව්‍යාපාරයක හෝ රැකියාවක නිරතව ඉන්නවද? නැහැ. මම වෙනත් ව්‍යාපාරයක හෝ වෘත්තියක නිරත වෙලා නැහැ. මේක තමයි මගේ වෘත්තිය. තෝරා බේරාගෙන රඟපාල ලැබෙන මුදල ජීවත් වෙන්න ප්‍රමාණවත්ද? ඒක කරන්න පුළුවන්. මොකද ලොකු ලොකු හීනවලට යනවට වඩා හෙමින් ගමනක යන සරල ජීවිතයක් තියෙන කෙනෙකුට මේක ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් කෙනෙක් රැකියාවක් කරලා මසකට ලැබෙන වැටුපකට වඩා අපි තෝරා බේරා නිර්මාණයක් කරහම ලැබෙන මුදල වැඩියි. ඒ නිසා එයින් ජීවත් වෙන එක අපහසු කාරණයක් නෙවෙයි. අනික මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ටෙලි නාට්‍යවල දෛනික වැටුපකට රඟපාන ක්‍රමයට ඔබ එකඟද? මට කලින් ක්‍රමය ගැන අත්දැකීමක් නැහැ. මම පටන් ගත්ත කාලෙ තිබුණෙ දෛනික ගෙවීම් ක්‍රමය. සමහරු කියනව කලින් ක්‍රමය හොඳයි කියල. රිතූ හොඳ නිර්මාණ විදිහට වර්ග කරන්නෙ කුමනාකාරයේ නිර්මාණද? මින්සුන්ට හිතෙන්න පුළුවන් දැන් ඉන්න නළු නිළියන්ට රඟපාන්න බැහැ, ඉස්සර අය නම් හොඳට රඟපෑවා කියලා. අපි ආපු දවසවල තිබුණ පරිසරය නෙවෙයි දැන් ටෙලි නාට්‍යවල තියෙන්නේ. දැන් අපිට දර්ශන තලයට ගියහම තේරෙනවා මේ නාට්‍ය කොච්චර දුරට විකාශනය වෙයිද? මොන විදිහට ප්‍රේක්ෂකයෝ වැලඳගනියිද කියලා. සමහර නාට්‍යවල රඟපාත්දී එහි රසයක් මට දැනෙන්නෙත් නැහැ. ඉතින් කොහොමද මිනිස්සු ඒක රසවිඳින්නේ. දැන් රිතූට ඔබ පතන ආකාරයේ ගුණාත්මක නිර්මාණ ලැබෙනවද? රංගන ශිල්පියකුට වඩාත්ම වැදගත් දෙය තමයි පිටපත. රඟපාන්න ඇරයුමත් සමග පිටපත් ලැබුණාම ඒ ලැබෙන පිටපත්වලින් කියවලා ඉවර කරන්න නොහිතෙනා තරම් ලස්සන පිටපත් ලැබිලා තියෙන්නෙ හරිම අඩුවෙන්. මෑත කාලයේ මට ලැබුණ නිර්මාණ අතර අවසන් ඉනිම කියන ටෙලිනාට්‍ය හරිම ලස්සනයි. මම ඒකෙ රූගත කිරීම්වලට යන්නෙ පවා හරිම කැමැත්තෙන්. මෙගා ටෙලි නාට්‍යවලින් පටන් ගත්ත නිළියක් විදිහට ඔබට ඒ කාලෙ ඔය ප්‍රමිතිය ලැබිලා තියෙනවද? මම මෙගා නාට්‍යවලින් ආව කෙනෙක් තමයි. ඉස්සර මෙගා වුණත් මේ විදිහට කරල නැහැ. මම රඟපාපු උතුම් පැතුම් කොටස් පන්සිය ගණන් ගිහින් තියෙනවා. හිරු තනිවෙලා කොටස් ඒ තරම් ගිහින් තියෙනවා. හැබැයි කවදාවත් ඒ නාට්‍යවලදී දර්ශන තලයෙදි ඉන්න නළු නිළියෝ අනුව පිටපත ලියලා වැඩ කරලා නැහැ. හැබැයි ආයෙත් යම් දුරකට මේ තත්ත්වය හැදීගෙන හැදීගෙන යනවා. මොකද නාට්‍යය හොඳ නැතිනම් විකාශනය නවත්වන වාතාවරණයක් තියෙන නිසා. රිතූ ඔබ සොයායන හීනය කුමක්ද? මම ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ගොඩක් ආසයි. මම කැමති චරිතාංග නිළියක් වෙන්නයි. මම ආසයි මට හොඳට රඟපාන්න පුළුවන් කියලා මිනිස්සුන්ට දැන්විය හැකි විවිධ චරිත කරන්න. මට ජනප්‍රිය නිළියක්වත්, ගොඩක් නිර්මාණවල රඟපාපු නිළියක්වත්, ගොඩක් නාළිකාවල ඉන්නවත් නෙවෙයි, ගොඩක් ලස්සන චරිත කරන එකයි මගේ බලාපොරොත්තුව. රිතූ තවමත් සිනමාවට ආධුනිකයි නේද? මම ආස කරන අධ්‍යක්ෂවරයෙක් යටතේ, මම ආස කරන විදිහේ පිටපතකින් සිනමාවෙ රඟපාන්න තවම ලැබුණෙ නැහැ. විවිධ ආරාධනා ආවා. හැබැයි ටෙලිනාට්‍ය වගේ නෙවෙයි චිත්‍රපටයක් කියන්නේ, හැම නිළියකගේම සිහිනයක්. ඒකේ අපි හරි චරිතයක් තෝරගෙන කළේ නැතිනම් මුළු රංගන ජීවිතයම ඉවරයි. ඉතින් ඉක්මනින් නෙවෙයි ලැබිය යුතු කාලෙදී මට සිනමාවෙ හොඳ චරිතයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මේ ප්‍රසිද්ධිය ජීවිතයට බලපෑමක් කරලද? මම මිනිස්සුන්ගෙ ආදරයට කැමැතියි. මම මට ලැබිල තියෙන ජනප්‍රියත්වයෙන් ඔළුව ඉදිමුවාගත්ත කෙනෙක් නෙවෙයි. මම ගොඩක් දුක් මහන්සිවෙලා ගොඩනැගූ දේ නිසා මේ ආදරය ලැබෙන්නෙ කියලා හිතෙද්දි මට ලොකු සතුටක් දැනෙනවා. කොච්චර රංගන ශිලිපිනියෝ හිටියත් මිනිස්සුන්ගේ ආදරය ලබන්න පුළුවන් අය අඩුයි. කෙනෙක් මගේ ඉස්සරහට ඇවිත් ඔයා තමයි මම ආසම නිළිය කියල කියත්දී මට පුදුම සතුටක් ලැබෙනවා. මම ස්වර්ණා මල්ලවාරච්චි වගේ වෙන්න ආසයි කියනව වගේ කවදහරි කෙනෙක් මම රිතූ ආකර්ෂා වගේ වෙන්න ආසයි කියනව නම් ඒක තමයි මම මගේ කලා ජිවිතයේ ලබන සතුට. රිතු ළඟදීම විවාහයට සූදානම් වෙනවලු නේද? විවාහය ළඟදීම සිදුවේවි කලා ක්ෂෙත්‍රයේ කෙනෙක් සමගද ඔබ විවාහ වෙන්නෙ කවදාවත් කලා ක්ෂෙත්‍රයේ කෙනෙක් සමග විවාහ වෙන්නෙ නැහැ. ගෙදරින් කියනව දැන් විවාහ වෙන්න කියලා. දැන් මට වයස විසිඅටක් වෙනවා. තව අවුරුද්දක් දෙකක් ගත වෙන්න පෙර මට විවාහ වෙන්න කෙනෙක් මුණගැහෙයි කියලා හිතනවා. සුරංජි පතිරණ
 

More News..