brand logo

කැබිනට් රැස්වීම අද නොපැවැත්වෙන ලකුණු

11 June 2019

සෑම සතියකම අඟහරුවාදා දිනයේ දී පැවැත් වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) දිනයේ නොපැවැත්‍ වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය 07 වැනි සිකුරාදා රාත්‍රී 7.30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැය එක හමාරක පමණ කාලයක් විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පවත්වා තිබේ. එහිදී පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නේ නම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපතිවරයා පවසා ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට පෙර පවත්වනු ලබන පූර්ණ කැබිනට් රැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) දිනයේ දී සහභාගී වී ඇතැයි වාර්තා වේ.
 

More News..