brand logo

කැබිනට් ප්‍රකාශක ධුරය මට නම් එපා!

17 August 2020

භාරකාර රජයේ කැබිනට් ප්‍රකාශක ධුරයේ කටයුතු කළ හිටපු උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ වර්තමානයේ හිමිවී ඇති වෙළෙඳ ඇමැති ධුරයේ රාජකාරී සහ වගකීම් වලට ප්‍රමුඛත්වය ලබා දී එමගින් අමාත්‍යාංශයේ කාර්ය භාරය නිසි ලෙස හා මනා හැසිරවීමකින් යුක්තව ඉටු කිරීමේ අරමුණිනි. ඒ අනුව තමා වෙත පවරා ඇති අතිරේක වගකීම් වලින් නිදහස් කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවසේ. පැවති භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා තම නම යෝජනා කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බැවින් නව රජය වෙනුවෙන් එම තනතුර සඳහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කරන මෙන් ද අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමෙහි වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..