brand logo

කැබිනට් තීරණයටත් පිටින් පොලිස් උසස්වීම් ලබාදීමේ සැලසුමක්

22 February 2020

වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කළ පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා දීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලබාදුන්නද පසුගිය ආණ්ඩුව සමයේ සකස් කළ ලේඛනයකට අනුව එම උසස්වීම් ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරීහු චෝදනා කරති.

පසුගිය ආණ්ඩුව සමායේ එම ආකාරයට උසස්වීම් ලබා දීමට නිර්දේශ ලබා දී ඊට සරිලන ආකාරයට චක්‍රලේඛන ද සකස් කෙරිණි. එහෙත් ඊට එරෙහිව එල්ල වූ විරෝධතා අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ නියෝග අනුව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ හා පොලිසියේ උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවකින් වසර දහයට වඩා වැඩි සේවා කාලයක් සපිරූ පොලිස් කොස්තාපල් හා පොලිස් පරීක්ෂක තනතුරේ සිටින නිලධාරින්ට උසස්වීම් ලබාදිය යුතු බවට නිර්දේශ කෙරිණි. පසුව එයට කැබිනට් මණ්ඩලය අනුමැතියද ලැබිණි.

තත්ත්වය එසේ තිබියදී පසුගිය ආණ්ඩුව සැකසූ චක්‍රලේඛය අනුව තනතුරු පදනමින් උසස්වීම් ලබාදීමට අදාළ පොලිස් චක්‍රලේකයක් පසුගිය සතියේදී නිකුත් කර ඇත.

ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුරට වසර දහතුනක්දපොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට වසර දාහතරක කාලයක්දඋප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට වසර දහයක්දපොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට වසර දොළහක්ද සේවයේ සිටිය යුතු බවට දන්වා ඇත.

කෙසේ වෙතත් පොලිස් කොස්තාපල්පොලිස් සැරයන් තනතුරේ වසර දොළහක්දඋප පොලිස් පරීක්ෂක තනතුරේ වසර අටක්ද පොලිස් පරීක්ෂක තනතුරේ වසර දහයක්ද සේවය කළ නිලධාරින්ට උසස්වීම් ලබාදිය යුතු බව සඳහන් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට පටහැනිව බවටද පොලිසිය ඇතුළෙන්ම චෝදනා එල්ල වේ.

චමින්ද සේනාරත්න

 

More News..