brand logo

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට කොවිඩ්

05 January 2021

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඉකුත් 2 වන දා එම රෝහලේ හෙදියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමඟ ඊයේ (4) දින රෝහල් අධිකාරිවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකුට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එහි ප්‍රතිඵල අනුව රෝහල් අධිකාරීවරයාට සහ තවත් හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ හේතුවෙන් කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඊයේ (4) සිට නේවාසික රෝගීන් ඇතුළත් කර ගැනීම සහ සායනික හා බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවාවන් සම්පුර්ණයෙන් ම නතර කොට ඇතැයි වාර්තා වේ. එම රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉතිරි 66 දෙනා අද (5) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරන බවත් රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
 

More News..