brand logo

කැන්ගරුවන් පරදා ඉන්දියානුවන් ජයගනී

10 June 2019

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 352ක් රැස්කර ගත්තේය ඉන්දීය පිල වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව නායක විරාට් කෝලි ලකුණු 82ක්, රෝහිත් ශර්මා ලකුණු 52ක් සහ හර්ඩික් පාණ්ඩ්යා ලකුණු 48ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 316ක් පමණීයි. තරගයේ වීරයා සම්මානය ශිකර් ධවාන් විසින් දිනා ගත්තේය.
 

More News..