brand logo

කැනඩා නවසීලන්ත බංග්ලාදේශ මහකොමසාරිස්වරු අගමැති මහින්ද හමුවෙයි

04 December 2019

ශ්‍රී ලංකාවේ කැනඩා, නවසීලන්ත සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරු අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ සදහන් කළේ අද පෙරවරුවේ අරලිය ගහ මන්දියේදි මෙම හමුව සිදුවූ බවයි. එහිදී නවසීලන්ත මහකොමසාරිස් සමග කිරි කර්මාන්තයේ දිගුකාලීන සහයෝගීතාවය සහ සත්ව පාලනය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. කැනඩා මහකොමසාරිස් සමග වෙළඳ හා ආයෝජන, ප්‍රාදේශීය දේශපාලනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධානය යන අංශ පිළිබදව සාකච්ඡා කර තිබේ. බංග්ලාදේශ මහකොමසාරිස් සමග වෙළඳ, අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් ශක්තිමත් කිරීම පිළිබදව සාකච්ඡා කෙරිණි. [caption id="attachment_52813" align="alignnone" width="1000"] High Commissioner of Bangladesh Riaz Hamidullah[/caption] [caption id="attachment_52814" align="alignnone" width="1000"] High Commissioner of Bangladesh Riaz Hamidullah[/caption] [caption id="attachment_52809" align="alignnone" width="1000"] High Commissioner of Canada to Sri Lanka David McKinnon[/caption] [caption id="attachment_52810" align="alignnone" width="1000"] High Commissioner of Canada to Sri Lanka David McKinnon[/caption] [caption id="attachment_52811" align="alignnone" width="1000"] High Commissioner of New Zealand Joanna Kempkers[/caption] [caption id="attachment_52812" align="alignnone" width="1000"] High Commissioner of New Zealand Joanna Kempkers[/caption]
 

More News..