brand logo

කාසි හා දඹරන් පිළිමය අතුරුදන් වීමෙන් පුරාවිද්‍යා අංශ ප්‍රධානීන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි

30 March 2019

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රසායන සංරක්ෂණ අංශයේ තිබූ මිල කළ නොහැකි ඉපැරණි කාසි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් හා දඹ රන් පිළිමයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. අභ්‍යන්තර විගණනය මගින් සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණයවී ඇති අතර මෙම අංශය භාර හිටපු ප්‍රධානියා පසු ගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇතත් තවමත් ඔහු කාර්යාලයේ යතුරු සේවකයන්ට භාරදී නොමැති බව දන්වා තිබේ. ඔහු විශ්‍රාම ගියද සතියට කිහිප වතාවක් කාර්යාලයට පැමිණෙන බවත් දැනගැනීමට ඇත. අනුරාධපුර, පොළොන්නරු ආදී යුගවලට අයත් කාසි දස දහසකට අධික ප්‍රමාණයක් මෙහි තිබී ඇත. එම අංශය භාර ප්‍රධානියා විශ්‍රාම යන විට අදාළ බඩු භාරගන්නට සංගණනය කර මෙතෙක් භාරදී නොමැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ටී.බී. මණ්ඩාවලගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එම අංශය භාරව සිටි සහකාර අධ්‍යක්ෂවරයා විශ්‍රාම ගොස් ඇති නිසා ඔහුගෙන් බඩු භාර ගැනීම මේ දිනවල සිදු කරන අතර ඉන් පසුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හැකි බවයි. එහෙත් මෙම හේතුව මේ නිසා සහකාර අධ්‍යක්ෂවරයාගේ විශ්‍රාම වැටුප් අත්හිටුවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..