brand logo

කාසිය උඩ දානවා වෙනුවට පිත්ත උඩ දාන්න තීරණය කරයි

11 December 2018

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව පිත්තේ 'හිල්ස්' හෝ 'ෆැලට්ස්' ලෙස භාවිතා කිරීමට සැළසුම් කර තිබෙන්නේ. මේ සඳහා පිත්තේ දෙපසම පැතලි වන හැඩයකට සකස් කර ඇති විශේෂ පිත්තක් භාවිතා කිරීමට බිග් බෑෂ් ලීග තරග සංවිධායකයන් සැලසුම් කර තිබෙනවා. බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වැනිදා බ්‍රිස්බේන් හීදි ආරම්භවීමට නියමිතයි.
 

More News..