brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

22 January 2021

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වී ඇත. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජයගෙන තිබීම හේතුවෙන් තරගාවලි පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් මෙම තරගය ජයගත යුතුව තිබේ. එසේම ඉතිහාසයේ කිසිදු විටක ශ්‍රී ලංකාව ගාලු ක්‍රීඩාංගණයේ පිට පිටම ටෙස්ට් තරග දෙකක් පරාජය වී නොමැති වීමද විශේෂ කරුණකි. නිත්‍ය නායක දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලේ ආබාධය හේතුවෙන් මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරී තිබේ. පිතිකරුවන් හය දෙනෙක්, පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සමගින් අද තරගයට සහභාගි වීම චන්දිමාල්ගේ අපේක්ෂාව වී තිබේ. ඊයේ (21 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බැව් පැවසූ චන්දිමාල්, දෙරට අතර පළමු තරගය පැවැති තණ තීරුවට වඩා අද තරගයේදී ක්‍රීඩා කරන තණ තීරුව තරමක් පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවක් බවද පවසා සිටියේය. තුන්වැනි පිතිකරු කුසල් මෙන්ඩිස්ට මෙම තරගය අහිමි වී ඇති අතර වලලුකර ආබාධය සුව වී සිටින ඕෂධ ප්‍රනාන්දුට එම ස්ථානයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව ඇත.
 

More News..