brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

06 March 2019

එක්දින තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය පැවැත්වෙන්නේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදීයි. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව එක්දින තරඟ 5කට සහභාගි වී තිබෙනවා. සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදී දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ තුනකට තරඟවැදී ඇති අතර, ඉන් තරඟ දෙකක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය සමගත් මෙම පිටියේදී තරඟවැදී තිබෙනවා. එම එක්දින තරඟ දෙක ද ශ්‍රී ලංකාව විසින් පරාජයට පත්ව තිබෙනවා. අද තරගය සදහා ක්‍රීඩා කරන නිල කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබෙනවා. කණ්ඩායම් දෙක පහතින් බලන්න.... Sri Lanka: 1 Avishka Fernando, 2 Niroshan Dickwella (wk), 3 Oshada Fernando, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Dhananjaya de Silva, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Lasith Malinga (capt.), 10 Kasun Rajitha, 11 Vishwa Fernando South Africa: 1 Quinton de Kock (wk), 2 Reeza Hendricks, 3 Rassie van der Dussen, 4 Faf du Plessis (capt), 5 David Miller, 6 Wiaan Mulder, 7 Andile Phehlukwayo, 8 Kagiso Rabada, 9 Anrich Nortje, 10 Lungi Ngidi, 11 Imran Tahir

තරගය සජීවීව නරඹන්න මෙතනින්

 

More News..