brand logo

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

13 March 2019

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දු යැවීමටයි තීරණය කළේය. මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් හීදිය. එම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5කට සහභාගි වී ඇති අතර, ඉන් ජය ගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණක් ය. අනෙකුත් තරඟ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් පිටියේදී ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරඟයක් ජයගෙන ඇත්තේ 1998 වසරේදීය. කෙසේ වෙතත් අද (13) පැවැත්වීමට නියමිත තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එය වසර 21කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක් පෝර්ට් එලිසබත් හි ලද ජයග්‍රහණයක් බවට පත්වනු ඇත. මේ අතර අද තරගයට ක්‍රීඩා කණ්ඩායම් දෙක නිල වශයෙන් මේ වන විට නම් කර තිබේ. South Africa XI: Reeza Hendricks Quinton de Kock Aiden Markram Faf du Plessis David Miller JP Duminy Andile Phehlukwayo Dale Steyn Anrich Nortje Lungi Ngidi Tabraiz Shamsi   Sri Lanka XI: Upul Tharanga Avishka Fernando Oshada Fernando Priyamal Perera Kusal Mendis Dhananjaya de Silva Kamindu Mendis Thisara Perera Lasith Malinga Isuru Udana Kasun Rajitha
 

More News..