brand logo

කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර දෙකක් ගින්නෙන් විනාශයි

02 January 2019

කාසල්රි ජලාශ රක්ෂිතයේ හට ගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත. ඊයේ (01) පස්වරු 5 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත්තේ කාසල්රි ජලාශ රක්ෂිතයේ නොර්වුඩ් රොක්වුඩ් වත්ත ප්‍රදේශයේදිය. පවතින වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ සැක කරන්නේ. කාසල්රි ජලාශ රක්ෂිත ප්‍රදේශයට ඊයේ පස්වරු පැවති අධික සුලං තත්ත්වයත් සමග ගින්න සිඝ්‍රෙයන් පැතිර ගොස් ජලාශ රක්ෂිතයේ අක්කර දෙකක පමණ කෙටසක් ගිනිගෙන විනාශ වි ඇත. කාසල්රි ජලාශයේ ධිවරයන් විසින් පැතිර යමින් තිබු ගින්න මැඩ පවත්වා තිබේ. මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග මෙවැනි රක්ෂිතවලට ගිනි තැබිම් කිසියම් පිරිසක් විසින් සිදු කරයි. මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිලිබද තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස කාසල්රි ජලාශයේ ආරක්ෂක අංශයේ නිලධාරින් ඉල්ලා සිටියි.
 

More News..