brand logo

කාවින්ද සමරිසියන්ගෙන් සමාව ගනී

31 July 2020

සම්මුඛ සාකච්ඡාවකදී පළකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග​යේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමරිසි ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇත. පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ තමා සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිනොගන්නා බවත්, සමරිසියන් යනු මානසික ආබාධ සහිත තරුණ පිරිස් නොමග යවන කණ්ඩායමක් බවත්ය. කෙසේ වෙතත් එම සම්මුඛ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුව වෛද්‍ය කාවින්ද ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත්, ඒ වෙනුවෙන් සමාව අයැදින බවත්ය. නයන තරංග ගමගේ  
 

More News..