brand logo

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

05 April 2021

නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් තත්ත්වයක් බලපා ඇති බවය. එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහල මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සෙල්සියස් අංශක 32ත් 41ත් අතර දක්වා ඉහළ උෂ්ණත්වයක් පැවතිය හැකි බව සඳහන් ය. මේ නිසා වැඩ බිම් වල කටයුතු කරන පුද්ගලයන් ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..