brand logo

කාලගුණයේ වෙනසක්

17 September 2021

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (17) දහවල් සිට හෙට (18) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවති.

මේ හේතුවෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

More News..