brand logo

කාලගුණයෙන් රතු නිවේදනයක්

07 June 2019

අද සිට ලබන 9වනදා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් සදහන් කර ඇත්තේ ඉදිරි දින තුන තුළ කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මී. 150 - 200ත් අතර ඉතා තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි. කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල මි.මී. 100 - 150ත් අතර තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
 

More News..