brand logo

කාර්යාල දුම්රිය 62ක් දක්වා සීමා කෙරේ

11 May 2021

කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සියලුම දුරගමන් සේවා දුම්රියන් අවලංගු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ එක් එක් පළාත් තුළ පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බවයි. ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අළුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇත. ඒ අනුව පෙරවරු කාලයේ සහ පස්වරු කාලයේ කාර්යාල දුම්රිය ගමන්වාර 62ක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
 

More News..