brand logo

කාම්බෝජ අග්‍රාමාත්‍ය කාර්යාල ඇමති හා ජනපති මෛත්‍රී හමුවෙයි

28 August 2019

කාම්බෝජ අග්‍රාමාත්‍ය කාර්යාල ඇමති සහ ඉස්ලාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ඔක්න්හා ඩාතුක් ආචාර්ය ඔත්ස්මාන් හසන් (Oknha Datuk Dr Othsman Hassan) මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජනාධිපතිතුමාගේ පසුගියදා කාම්බෝජ සංචාරයේ දී එකඟ වූ දෙරට අතර අධ්‍යාපන, සංචාරක, කර්මාන්ත හා අනෙකුත් අංශවල ද්ව්පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. කාම්බෝජ රාජ්‍ය සංචාරයේ දී තමා වෙත පිරිනැමූ ඉහළ ආගන්තුක සත්කාර හා ගෞරවණීය පිළිගැනීම පිළිබඳව මෙහිදී තම ස්තූතිය එරට අගමැතිවරයා වෙත පිරිනමන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. කාම්බෝජ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟ වූ පරිදි දෙරට අතර ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරීමේ සහ තානාපති කාර්යාල පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. සුගියදා දෙරට අතර අත්සන් තැබුණු වෙළෙඳ ගිවිසුම් භාවිතා කරමින් දෙරටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තවල ආයෝජනය කිරීමේ සහ දැවැන්ත ආසියාන් සහ ඉන්දියානු වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
 

More News..