brand logo

කාබන් බද්දට එරෙහිව නාවලපිටියේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ හිමියන් විරෝධතාවයක

03 April 2019

නාවලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවහනය කරන පෞද්ගලික බස් රථ සහ වැන් රථ හිමියන් කාබන් බද්දට එරෙහිව නාවලපිටිය නගරයේ රථ වාහන පෙලපාලියක් පවත්වමින් ඊයේ (02) සිය විරෝධය දක්වනු ලැබුවා. පාසල් ළමුන් ප්‍රවහනය කර පාසල් වෙත හැරලවිමෙන් අනතුරව සියළුම පෞද්ගලික බස් රථ සහ වැන් රථ හිමියන් එක් වි නාවලපිටි නගර මධ්‍යයේ සිය බස් රථවල සහ වැන් රථ වල කළු කොඩි සහ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් රථ වාහන පෙලපාලියක් පවත්වමිනුයි මෙම විරෝධතාවලිය දක්වනු ලැබුවේ. සමස්ත ලංකා අන්තර් දිස්‍ත්‍රික් පාසල් ළමුන් ප්‍රවහන සේවා සංගමයේ නාවලපිටිය ශාඛාව මගින් මෙම රථ වාහන විරෝධතා පෙලපාලිය පවත්වනු ලැබුවා. පාසල් ළමුන් ප්‍රවහනය කරන පෞද්ගලික බස් රථ සහ වැන් රථ හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තම ප්‍රවහන කර්මාන්තය බාධක රැසක් සහ ආර්ථික අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන බවයි. වාහනය නඩත්තු කිරිමට පවා විශාල මුදලක් වැය වන නිසා අලුතින් හදුන්වාදුන් කාබන් බද්ධ තමන්ට දැරිය නොහැකි බවයි. රජය එම කාබන් බද්ධ ඉවත් කරගැනිමට කටයුතු නොකල හොත් දිවයින පුරා සියළුම පාසල් ළමුන් ප්‍රවහනය කරන බස් රථ සහ වැන් අයිතිකරුවන් සහ රියදුරන් කොළඹදි රථ වාහන පෙලපාලියක් පවත්වමින් දැඩි විරෝධතාවයක් පැවත්විමට සැලසුම් කර ඇති බවයි.
 

More News..