brand logo

කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව දෙසැම්බර් 03 හා 04

19 November 2019

කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල ජාත්‍යන්තර කාන්තා පදනම (WIF) සමග එක්ව සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළු මාලාවේ 4 වන අදියර ලෙස පවත්වනු ලබන කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව 2019 දෙසැම්බර් මස 3 සහ 4 වන දෙදින තුළ කොළඹ මරිනෝ බීච් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සමුළුවෙහි ඇති විශේෂත්වයන් වන්නේ ද්වි භාෂා පදනමින් පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමත් ඒවා ඇගයීම සහ ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබාදීම සඳහා, දේශීය සහ විදේශීය විද්වතුන් සහ ව්‍යවසායකයන් රැසක් සහභාගීවීමත්ය. කොළඔ ව්‍යාපාර හා කළමනාකරණ පාසල (Colombo School of Business and Management) ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන ප්‍රධානීන්ගේ සහ ආයතනයන්ගේ අනුග්‍රහය ඇතිව විධායක අධ්‍යාපනය (Executive Education) රට තුළ ප්‍රචලිත කිරීම සහ රටට අවශ්‍ය අනාගතවාදී ව්‍යාපාරික නායකයන් බිහි කිරීම සඳහා අවශ්‍ය වන නව ව්‍යාපාර නායක සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කරගෙන සංස්ථාගත කරන ලද සමාජ ව්‍යවසායකත්ව ආයතනයකි. මේ වනවිට කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල ජාතියේ ව්‍යාපාර පාසල (Business School of the Nation) ලෙස ගොඩ නැගෙමින් පවතී. එහි ප්‍රතිඑලයක් ලෙස උසස් අධ්‍යාපනයට නවීනත්වයක් එකතු කරමින් ක්ෂේත්‍ර ගණනාවක අධ්‍යාපනය, නායකත්වය, වෘත්තීය සහ විධායක අධ්‍යාපනය, වෘත්තීමය සංවර්ධන කාර්ය මණ්ඩල සංවර්ධන වෙළෙඳපොළ පර් යේෂණ සහ විවිධ ව්‍යාපාර සහායන් ලබා දෙයි. එසේම කොළඔ ව්‍යාපාර හා කළමනාකරණ පාසල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් හි කාර්ය මණ්ඩල පුහුණු අවශ්‍යතාවන් හඳුනා ගැනීම සහ ඒ අනුව උචිත පුහුණු පාඨමාලා සංවර්ධනය කොට ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇතිකරගත්, සියලු අධ්‍යාපනික සේවාවන් එක් තැනකින් ලබාගත හැකි ආයතනයක් ලෙස සංවර්ධනය වී ඇත. කොළඔ ව්‍යාපාර හා කළමනාකරණ පාසල, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිස‌මේ (Tertiary and Vocational Education Commission-TVEC) ලියාපදිංචි හා SLQF අනුගත අධ්‍යන ආයතනයකි, එසේම ශ්‍රී ලංකා සංවර්ධනය අරමුණු කර ගත් ඒ සඳහා වන දැනුම හා කුසලතාවයන් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් අධ්‍යයන කේන්ද්‍රයකි. මෙම සමුළුව සංවිධානය කිරීම සඳහා දායකවන අනෙක් ආයතනය වන්නේ ජාත්‍යන්තර කාන්තා පදනම (WIF) යි. සමාජ ව්‍යවසායකත්ව ආයතනයක් ලෙස පිහිටුවා ඇති මෙම සංවිධානයෙහි අරමුණ වන්නේ කාන්තා ව්‍යවසායකත්වය දිරි ගැන්වීම සහ බල ගැන්වීම මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. සමාජ ව්‍යවසායන් ප්‍රවර්ධනය සඳහා කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මෙම ආයතනය ආර්ථික, සමාජයීය සහ පුද්ගලික වශයෙන් කාන්තාවන් ඔසවා තැබීමත් සවිබල ගැන්වීමත් සිදුකෙරේ. එසේම මෙහිදී කාන්තා නායකත්වය බල ගැන්වීමත් කාන්තා හිංසනයට එරෙහිව දේශීයව, කලාපීයව සහ ජාත්‍යන්තරව මැදිහත්වීමත් සිදු කිරීම අපේක්ෂා කරයි. කාන්තාවන් සඳහා අවශ්‍ය වන අධ්‍යාපනික, පුහුණු උපදේශන හා අනුබද්ධ සේවා සැපයීමත් වෙළෙඳපොළ සබඳතා හඳුන්වාදීමත් සිදුකරනු ලබයි එමෙන්ම ​වෙළෙඳපොළ සබඳතා ඇතිකිරීමත් කාන්තා බලගැන්වීමේ අවකාශ නිර්මාණය කිරීමත් මුඛ්‍ය අරමුණ ලෙස ජාත්‍යන්තර කාන්තා පදනම මගින් කටයුතු සිදු කරනු ලබයි.
 

More News..