brand logo

කාන්තා දිනය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තා ගුවන් කාර්ය මණ්ඩලයක් ගුවන් ගමනක

08 March 2019

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් පමණක් සහභාගි වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව බලා පිටත් ගොස් තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම , සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර , අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවන් බවයි. එහි සිටි සමස්ථ කාර්යය මණ්ඩල සාමාජිකාවන්ගේ සංඛ්‍යාව 08ක් වනවා. අද අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , මෙම ගුවන් යානය තුළ පිරිමි මගීන් කීප දෙනෙකු පමණක් සිටි ඇති බවට වාර්තාවනවා.
 

More News..